විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාද මෙම සාකච්ඡාව සඳහා එක්වු අතර එහිදි ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් පුහුණුවීම් සිදුකරණ බවත් අවධාරණය කෙරිණි. පවතින තත්වය යහපත්වු වහාම ශ්‍රමිකයන් ජපානය වෙත යැවීම හා ඉදිරියේදි රැකියා අවස්ථාවන් වැඩියෙන් ලබාගැනීම සම්බන්ධවද සාකච්ඡා විය.මේවන විට ජපානයේ රැකියා සදහා තාක්ෂණික සේවාස්ථ වැඩසටහන යටතේ 100ට අධික පිරිසක් පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ජපානයේ ඉතා හොදින් රැකියාවල නිරත වී සිටින බව මෙහිදි IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උප සභාපති නිමල් තිබ්බුටුමුනුව මහතා කාර්යාංශයේ පුහුණු, බඳවා ගැනීම් හා අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතාද එක්විය.