මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කටුනායක ගුවන්තොටුපල මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සුදානම්

    මැයි 15, 2020

    සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියළු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.


    ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේදි කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිලිවෙල මේ වන විටත් සකස් කර අවසන් බවයි. සෞඛ්‍ය අංශ හා අනෙකුත් අංශ වල එකගතාවය පළ වූ වහාම ගුවන්තොටුපල සියළු මෙහෙයුම් කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීමට රජය සුදානම් බවද ඔහු පෙන්වා දෙයි.


    කටුනායක ගුවන් තොටුපලේ අළුතින් ඉදිකෙරුණු පිටවීමේ මහජන පර්යන්තය සහ කටුනායක ගුවන්තොටුපලට නව ප්‍රවේශ මාර්ගය ඇමතිවරයා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබුණි. මැතිවරණ නීතිය නිසා ඇමතිවරයා ඊට සහභාගී වුයේ නැත. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඇමතිවරයා උපදෙස් දුන්නේ තමන් නොමැතිව අදාල විවෘත කිරීම සිදු කරන ලෙසයි. එම විවෘත කිරීම අවසන් වූ පසු කටුනායක ගුවන්තොටුපලට පැමිණි ඇමතිවරයා විවෘත කෙරුණ සංවර්ධන ව්‍යාපෘතීන් දෙක නිරීක්ෂනය කලේය. එහි සිදුවිය යුතු ක්‍රියාකාරකම් පිලිබදවද අදාල නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් දුන්නේය.

    කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ නව පිටවීමේ පර්යන්තය ඉදිකිරීමට වැය කෙරුණ මුදල රුපියල් මිලියන 238 කි. ගුවන්තොටුපල නව ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමට වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.


    කටුනායක ගුවන්තොටුපලේ වාර්ෂික මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 06 කි. එහෙත් මේ වන විට එය වාර්ෂිකව මගී මෙහෙයුම් මිලියන 12 ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ නිසා ගුවන්තොටුපල මගී තදබදයක් පවතින අතර ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාද විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාටද උපදෙස් දී තිබුණි 2017 දි ආරම්භ කෙරුණ මෙම මගී පර්යන්තයේ ඉදිකිරීම් අඩාල වී තිබු අතර වත්මන් රජය පත් වීමෙන් පසු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ විය. මෙම මගී පර්යන්තය ගුවන් මගීන්ට එලිමහන් උද්‍යාන පහසුකම් නව සාප්පු සංකීර්ණයක් ගුවන් සමාගම් වලට කාර්යාල පහසුකම් වලින්ද සමන්විතය.


    අද අළුතින් විවෘත කෙරුණු කටුනායක නව ප්‍රවේශ මාර්ගය මීටර් 600 ක් පළල ධාවන පථ 4 කින් සමන්විතය ව්‍යාපෘතියේ දෙවන අදියරට මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සදහා වැය කෙරුණ මුදල රුපියල් මිලියන 300 කට ආසන්න වේ. එහි ඉදිකිරීම් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතය.


    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැමිණ සිටි මාධ්‍ය වේදීන් හට අදහස් දක්වමින් මෙහිදි පෙන්වා දුන්නේ කටුනායක ගුවන් තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේදි ජාත්‍යන්තර හා දේශීය සෞඛ්‍ය අංශ ගුවන්සේවා ආයතන මගින් ලබා දී ඇති සියළු මාර්ගෝපදේශ අනුගමනය කරන බවයි. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසුව පැමිණෙන සියළු මගීන් විෂබිජානුහරණයට ලක් කෙරේ. ඒ සදහා ආරක්ෂක අංශ මගින් විෂබිජානුහරණ කුටි ගුවන්තොටුපල පරිශ්‍රයේ මේ වන විටත් ඉදිකර ඇත.

    පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයතුල කොවිඩ් 19 පරික්ෂණ පැවැත්වීමටත් ගුවන්තොටුපල තුල ඒ සදහා රසායනාගාරයක් පිහිටුවීමත් පිලිබදවද යෝජනා ඉදිරිපත් වී ඇත. පැමිණෙන මගීන්ගේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට ද විශේෂ වැඩපිලිවෙලක් ගුවන්තොටුපල තුල ක්‍රියාත්මක කිරීමට අපේ ක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කළේය..


    රට තුලට කොවිඩ් 19 වසංගතය ඇතුළු වීමට නොහැකි වන ලෙස සියළු සෞඛ්‍ය විධිවිධාන කටයුතු ගුවන්තොටුපල තුල යොදන ලෙස අදාල අංශ වෙත උපදෙස් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දැඩි අධීක්ෂණයකින් කටයුතු කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා නැවත රට තුල කොරෝනා වසංගතය ව්‍යාප්තිය වැලැක්වීම සදහා ගතුයුතු, ගතහැකි සෑම පියවරක්ම ආණ්ඩුව විසින් ගනු ලබන බවද අවධාරණය කළේය.


    නියමිත පරිදි විවෘත කිරීමේ උත්සවවලට සහභාගී වුයේ මන්දැයි මධ්‍ය වේදී හූ ඇමතිවරයාගේ විමසා සිටියේය. ඔහු කියා සිටියේ මැතිවරණ නීතියට ගරු කරමින් නියමිත පරිදි උත්සවයට සහභාගී නොවූ බවයි. විෂය භාර ඇමතිවරයා වෙත. තමන්ට ඊට සහභාගී වීමට හැකිව තිබුනද නීතිගරුක පුරවැසියෙකු ලෙස සිය හෘද සාක්ෂියට එකගව ඊට සහභාගී නොවූ බවද ඇමතිවරයා කිවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya