මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට මාසයක කාල සීමාවක්

    මැයි 15, 2020

    කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සියළුම ජනතාව නිවාසවල රැඳි සිටි කාල සීමාව තුල එම ජනතාවගේ පහසුව සඳහා අඛණ්ඩව විදුලි සම්පාදනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කල බවත් ඒසම්බන්ධයෙන් රටේ සියලු දෙනාගේ කෘතඥතාව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු කාර්ය මණ්ඩල වෙත හිමිවිය යුතු බව විදුලි බල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


    (13) පසුවරුවේ විදුලිබල අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරි නීතිය පැවැති,මාර්තු හා අප්‍රේල් මාසවලට විදුලි බිල්පත් නිකුත් කිරීමේ දී ඇතැම් ස්ථානවල මතුව ඇති ගැටළුකාරි තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

    පසුගිය මාර්තු 20 වන දින සිට රටතුල උද්ගත වූ තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස වලට අදාලව විදුලි බිල්පත් නිකුත් කිරීම නතර වූ අතර මේවන විට නැවතත් විදුලි පාරිභෝගිකයන් සඳහා බිල්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. . මෙහිදී සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගම වෙත උපදෙස් ලබා දී තිබේ.


    කෙසේ නමුත් සමහර ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මඟින් තනි බිල්පතක් මාර්තු, අප්‍රේල් මාස දෙක සඳහා විදුලි බිල්පත් නිකුත් කර ඇති බව වාර්තා වන අතර එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට අමාත්‍යවරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට හා ලංකා විදුලි සමාගමට උපදෙස් ලබා දුන්නේය.


    එමෙන්ම මෙම මාස 2ටම අදාල විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ලබා දෙන අතර එද කාලය තුළ අදාල බිල්පත් පියවීමට කටයුතු කළ යුතුය.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවැති කාලය තුල ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන ආදායම විශාල ලෙස පහත වැටී තිබේ. මේ නිසා විදුලි බල මණ්ඩලයේ හා ලංකා විදුලි සමාගමේ මුල්‍ය තත්ත්වය පවත්වාගෙන යෑමට මෙන්ම අභියෝගකාරී තත්ත්වය තුල විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව සලකා මෙම පියවර ගන්නා ලද බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya