COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඒ මහතා ඊයේ (15) මේ බව සඳහන් කළේය.
යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 15 දිනයේ දී 411 දෙනකු තම නිරෝධායනය අවසන් කර නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබූ බවත්, ඔවුන් COVID – 19 අසාදනය වී නොමැති බව කරන ලද PCR පරීක්ෂණ වලින් තහවුරු වූ හෙයින් මෙසේ මුදා හැරීමට කටයුතු කළ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය අතුරින් 9,258 දෙනකු නිරෝධායනය කර ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබ ඇත.
මේ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 34 ක් තුළ පුද්ගලයින් 2,586 දෙනකු දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතී.
නාවික හමුදාවේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් 479 දෙනකු මේ දක්වා වෛරසය ආසාදනයට ලක් ව ඇති අතර ඉන් 151 දෙනකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් නිදහස් කිරීමට කටයුතු කරනු ලැබූ බව ද යුධ හමුදාපතිවරයා මෙහි දී සඳහන් කළේය. එසේ පැමිණෙන සියලුම නාවික හමුදාවේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් නාවික හමුදාව විසින් තවත් දින 14 ක නිරෝධායනයට ලක් කෙරන අතර තවදුරටත් 321 දෙනකු රෝහල් වල ප්‍රතිකාර ගනු ලැබේ.