මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    අධික වැසි හා සුළං තත්ත්වය නිසා ගණනාවක පවුල් 44000කට පමණ විදුලි බලය ඇණහිටී- පැය 24ක් තුළ විදුලි බලය නැවත ලබා දීමට පියවර

    මැයි 16, 2020

    අධික වැසි හා සුළං තත්ත්වය නිසා ගස් කඩා වැටීමෙන් විදුලි බල රැහැන් පද්ධතියට සිදු වු හානිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවුල් 44000කට පමණ විදුලි බලය ඇණහිට තිබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් සඳහන් කරයි.

    එම ප්‍රදේශවලට පැය 24ක් තුළ විදුලි බලය නැවත ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙයි.

    ඊයේ (15) පස්වරුවේ සිට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වු වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගස් කඩා වැටීම නිසා විදුලි බල රැහැන් පද්ධතියට සිදු වු හානි හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ ගණනාවක පවුල් 44000ක් පමණ විදුලිය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

    දැනට ලැබී ඇති තොරතුරු අනුව බණ්ඩාරවෙල පවුල් 5600ක් , රත්නපුර පවුල් 3000ක් , මාතර- හක්මණ පවුල් 5800ක් , ගම්පහ පවුල් 13000ක් , නුවර එළිය පවුල් 780කට ආසන්න ප්‍රමාණයක්, අනුරාධපුර පවුල් 12000ක් , හා ත්‍රිකුණාමලය පවුල් 4200කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් පවුල් 44000කට ආසන්න පිරිසක් විදුලිබලය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

    නුවරඑළිය පවුල් 780ට විදුලිය සැපයීම හෙට දින දක්වා කල් යනු ඇත. එයට හේතුව මෙගවොට් 33000ක අධි විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියකට හානි වී ඇති බැවින් එම කටයුතු ප්‍රතිසංස්කරණය කිරිමට වැඩි කාලයක් ගත වන නිසාය. එහෙත් දිවයිනේ හානියට පත්ව ඇති සෙසු ප්‍රදේශවලට විදුලිය සැපයිම පැය විසිහතරක් තුල ලබා දි ජනජීවිතය යථා තත්ත්වයට පත්කරන්නැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට අද දින (16) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

    ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිටත් අදාල ප්‍රදේශවලට විදුලිය ලබා දිම සඳහා අලුත්වැඩියා කිරීම් මේ වනවිටත් ආරම්භ කර තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya