මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව "අම්ෆන් "නැමැති පීඩන අවපාත සුළි කුණාටුවක්

    මැයි 17, 2020

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් ("අම්ෆන් ") දක්වා වර්ධනය වී අද (17) ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 610 පමණ උතුරු අක්ෂාංශ 11.3 ත් නැගෙනහිර දේශාංශ 86.1 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

    මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී 18 වන දින උදෑසන වනවිට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි අනුමාන කෙරේ.මෙය 17 වන දින දක්වා උතුරට බරව වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුලදී උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතීවි.

    දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැක. වයඹ පළාතේ වැසි වර කිහිපයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya