මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    තවදුරටත් ධීවර කටයුතුවල නොයෙදෙන්නැයි ධීවර ජනතාවට අනතුරු අගවයි

    මැයි 17, 2020

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ පැවති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම කලාපයේ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

    මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධිවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

    එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.0-2.5 ක් පමණ ඉහළ යා හෙයින් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන් වේ.

    පවතින කාලගුණ තත්වය පිළිදව නිසි අවධානයක් යොමු කරන ලෙසත් ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

    එසේම පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya