මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ඇඳිරිනීතිය හේතුවෙන් අද දිවයිනේ සියලුම මත්පැන් හල් වසා තැබීමට නියෝග

    මැයි 17, 2020

    සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන 2020 මැයි මස 17 වන ඉරුදින දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

     

    මෙම නියෝගය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට ද එකසේ බලපැවැත්වේ .

    2020 මැයි මස 18 වන සඳුදා දින විවෘත කිරීමට අවසර ලැබෙනුයේ 2020 මැයි මස 16 වන සෙනසුරාදා විවෘත කිරීමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණි . ඒ අනුව කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල වයින් ස්ටෝර්ස් බලපත්‍ර ( ර. බි. 04 ) හා බියර් හා වයින් බලපත්‍ර ( ර. බි. 22 A ) යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සඳහා සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර විවෘත කිරීමට අවසර ලැබේ . කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයන් ඇතුළත පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයන්ට අදාල වයින් ස්ටෝර්ස් බලපත්‍ර ( ර. බි. 04 ) සහ බියර් හා වයින් බලපත්‍ර ( ර. බි. 22 A ) යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සඳහා මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථාන වලට ද විවෘත කිරීමේ අවකාශය ලැබේ .

    දිවයිනේ සියළුම ප්‍රදේශ වල පිහිටි මත්පැන් අලෙවි සැල් සඳහා පමණක් මත්පැන් තොග සැපයීමේ ර. බි. 03 හා අ.නි. 06 වර්ග වලට අයත්⁣ තොග බලපත්‍ර ලත් ස්ථාන විවෘත කිරීමටද අවසර දෙනු ලැබේ .

    ඉහත කී තොග සහ සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ලත් ස්ථාන සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ සුරාබදු කොන්දේසි වලට අමතරව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් හා විධිවිධාන වලට යටත්ව ය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya