මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    රැකියාවන් සඳාහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර ගණන වැඩි කරයි

    මැයි 17, 2020

    රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳාහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.

     

    වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා, දුම්රිය ආසන වෙන් නොකළ දුම්රිය මඟින් සඳහා අවස්ථාවක් ලබා දී ඇති බව කීය.ඒ අනුව රාජකාරී හැඳුනුම්පත,තමාගේ ආයතනය මඟින් නිකුත් ලිපියක e-mail පණිවිඩයක් හෝ කෙටි පනිවිඩයක් (SMS) තිබේ නම් අදාළ දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ගමන් කිරිමට හැකි බව ද පැවසීය.

    කෙසේ වුවද,මෙම අවස්ථාව හිමි වන්නේ,දුම්රිය ආසන හිස් ව තිබේ නම් පමණක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා කීය.මේ වන විට දුම්රිය ආසන වෙන් කර ගැනීම සදහා ඉල්ලුම්පත් 11.000 ඉක්මවා ලැබී ඇති ද බව ඔහු පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya