මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට

    මැයි 18, 2020

     

    එකොළොස්වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

    සෞඛ්‍ය අංශයන් ලබාදී ඇති උපදෙස් සඳහා මුල්තැනක් ලබාදෙමින් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් (Admiral of the Fleet), ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාපති, නාවික හා ගුවන් හමුදාපතිවරු, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.

    2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ 23,962, නාවික හමුදාවේ 1160ක් ගුවන් හමුදාවේ 443ක් සහ පොලිසියේ 2598ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya