මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    දැඩි සුළගින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවු හානිය යථා තත්වයට- යුද හමුදා සහාය

    මැයි 18, 2020

    දැඩි සුළගින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවු හානිය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන ලදී.

    ගාල්ල දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා 17) දින නිවාස 45 කට පමණ හානි සිදුවී ඇත. හානියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අදාල හානි තක්සේරු මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.

    මෙම ආපදා තත්වය නිසා ඇල්පිටිය උතුර (37), ඇල්පිටිය නැගෙනහිර (1), අටකෝට්ටේ(5) සහ ඇල්පිටිය මධ්‍යම(1), යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිවාස හානියට පත්වී ඇත. එසේම මෙම සුළං තත්වය නිසා සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 02 කට හානි සිදුවී ඇති අතර යටිතල පහසුකම්වලට ද යම් බල පෑමක් සිදුවී ඇති බැවින් එදි නෙදා ජන ජීවිතවලය යම් බලපෑමක් එල්ල වු අතර අදාල පාර්ෂවකාර ආයතන සහ ත්‍රිවිධ හමුදාව ජනතාව සම්බන්ධීකරණය කරගනිමින් ආපදා හානි යථා තත්වයට පත් කර ගැනීම සදහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය කටයුතු කරන ලදී.

    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ආපදා හානි තක්සේරු කිරීමෙන් අනතුරුව ජාතික රක්ෂණ භාරකාර අරමුදල මගින් ආපදා නිසා සිදුව ඇති හානි පුර්ණය කරනු ඇත.

    ආපදාවට පත් ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් ලබාදීම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් සමග අදාල අංශ සම්බන්ධීකරණය සිදු කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya