මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    "අම්ෆන්" චණ්ඩ සුළි කුණාටුවක් වෙයි- එහි බලපෑමෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත්

    මැයි 18, 2020

     

    චණ්ඩ සුළි කුණාටුව("අම්ෆන්")මේවනවිට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව 18 වන දින පෙ.ව. 02.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 740 පමණ උතුරු අක්ෂාංශ 12.9 ත් නැගෙනහිර දේශාංශ 86.4 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

     

    මෙම පද්ධතිය ඉදිරි පැය 06 තුලදී අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි අනුමාන කෙරේ.මෙය උතුරට බරව ඊසාන දෙසට හැරී 20 වන දින වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතීවි.

    දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැක.

    උතුරුමැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya