පසුගිය දා සිය අමාත්‍යංශයේ දී උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් සහ සැපයුම්කරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් සහ සැපයුම්කරුවන්ගේ සංගමය ලෙස ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම වූ තම කර්මාන්තය රජයේ ආයතනයක් යටතේ ලියාපදිංචි කරවා ගැනීමට අමාත්‍යවරයාගේ පූර්ණ එකඟතාවය පළ වූ බවත් ඉදිරියේ දී එම ඉල්ලීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ඉටුවනු ඇති බවත් ඉහත සංගමයේ නියෝජ්‍ය සභාපති සජිත් කොඩිකාර මහතා පැවසීය.
එසේම කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි මූල්‍යමය දුෂ්කරතාවලට මුහුණ පා සිටින තම ක්ෂේත්‍රයේ පිරිස්වලට සහන පොලී අනුපාත යටතේ ණය ලබාදෙන ලෙසත් ණය වාරික සහ කල්බදු ගෙවීමේ දී ලිහිල් පටිපාටියක් අනුගමනය කරන ලෙසත් කළ ඉල්ලීම ඒ මොහොතේම මුදල් අමාත්‍යාංශය සහ බැංකු වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා ගත් පියවර අගය කරන බව ද සජිත් කොඩිකාර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සංගමයේ සභාපති රොෂාන් විජයරත්න , ලේකම් සේනිය සමරසේකර, නියෝජ්‍ය සභාපති කමේෂ් මාලේවන හා නියෝජ්‍ය භාණ්ඩාගාරික භාතිය ජයකොඩි යන මහත්වරු ද එක්වූහ.