මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    විදුලිබල බිඳ වැටීම් 50,000ක් යථා තත්ත්වයට

    මැයි 18, 2020

    විදුලිබල බිඳ වැටීම් 50,000ක් යථා තත්ත්වයට ඊයේ (17) පස්වරුව වනවිට පත් කළ බව විදුලි බල මණ්ඩලය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

     

    අම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැපයීම බිඳ වැටී තිබිනි. එයට හේතුව නම් දැඩි සුළං තත්ත්වය නිසා විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමයි.

    මේ නිසා පැය 24ක් තුළ එම නිවාසවලට විදුලිබලය සැපයීම යථා තත්ත්වයට පත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා විදුලි මණ්ඩලයට උපදෙස් දී තිබිනි. අමාත්‍යවරයා විසින් අද දින (18) උදෑසන මේ සම්බන්ධව විදුලි බල මණ්ඩලයෙන් කරුණු විමසා සිටි අතර, මේ වනවිට විදුලි බලය බිඳ වැටී තිබුනු සියලු ප්‍රදේශවලට විදුලි බලය ලබා දීම සියයට සියයකින් අවසන් කර ඇතැයි අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    දැඩි සුළං තත්ත්වය නිසා නිවාස 50,000කට පමණ විදුලි බලය ඇණ හිට තිබිනි. එම සියලු නිවාසවලට මේ වනවිට විදුලි බලය ලබා දී තිබේ.
    විදුලි බලය කඩිනමින් එකී නිවාසවලට ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට තම කෘතඥතාව පළ කළ අතර , ඇතැම් විට අද හා හෙට දින දෙක තුළ තවදුරටත් දැඩි සුළං තත්ත්වයන් බලපෑ හැකි බැවින් විදුලි රැහැන් පද්ධතියට කිසියම් හානි සිදුවීමක් වාර්තා වුවහොත් ඒ්වා ද යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක පිරිස් ඒ් සඳහා පැය විසිහතර පුරාම සීරුවෙන් තබා ඇතැයි විදුලි බල මණ්ඩලය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya