මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු වල නොයෙදෙන්න- අනතුරු ඇගවීම් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    මැයි 19, 2020

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    මෙහි බල පෑම හේතුවෙන් ඉදිරි පැය විසිහතර තුල දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පුත්ලම සිට ගාල්ල හරහා  පොතුවිල් දක්වා වු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත. ගිණිකොණදිග සහ යාබද නිරිත දිග  බෙංගාල බොක්ක ප්‍රදේශවල පැයට කිලෝමීටර් 100-150 දක්වා වන සුළං පැවති හැකි බවත් එය විටින් විට පැයට කිලෝමීටර් 200 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

    මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය  කර ඇත. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධිවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

    එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.0-2.5 ක් පමණ ඉහළ යා හෙයින් මුහුදු රළ ගොඩබිමට  පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන් වේ.

    පවතින කාලගුණ තත්වය පිළිදව නිසි අවධානයක් යොමු කරන ලෙසත් ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා
    කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

     

    එසේම පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයෙන් විමසන ලෙස
    තවදුරටත් ජනතාවට දැනුම් දේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya