ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
කොවිඩ් වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින දේශීය ඉදිකිරීම්කරුවන්ට රජය මේ මොහොතේ ණය සහණ රැසක් ලබා දී ඇති බවද ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට දායකත්වය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.
ඉදිකිරීම් සුරැකීමේ සංසදය වෙනුවෙන් අදහස් දැක් වූ සාගල ගුණවර්ධන මහතා සඳහන් කළේ කොවිඩ් වසංගතයත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පැන නැගුණ බවත් මාස එක හමාරක් පමණ වසා තැබූ වැඩබිම් නැවත ආරම්භ කර ඇති බවයි. රටේ දළ දේශීය ආදායමට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රයක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කළ අපගේ සේවකයන් නැවත වැඩබිම් වලට පැමිණ ඒ සඳහා දායක වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
කුඩා , මධ්‍යම හා මහා පරිමාණ ඉදිකිරීම්කරුවන් ඒ හා සම්බන්ධ සැපයුම්කරුවන්, සේවකයන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු මිලියනයක් පමණ දෙනාගේ රක්ෂා සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.