මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    OIC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට රජයේ කිසිදු මැදිහත් වීමක් නෑ- ඇමති මහින්ද අමරවීර

    මැයි 19, 2020

    OIC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට රජයේ කිසිදු මැදිහත් වීමක් නොමැති බව ප්‍රවාහන හා කළමනාකරණ හා විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමුව ද ලංකා ඛනිජ තෙල් සංස්ථා⁣ව මඟින් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකරන බව ද අමාත්‍යවරයා පවසයි. එසේම ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල වැඩි කිරිමට ගත් පියවර එම සමාගමන් ගන්නා ලද තීරණයක් බව ද විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

    මේ වන විට ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල රුපියල් 5/- කින් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව රුපියල් 137/- තිබු ඔක්ටේන් 92 ඉන්ධන වර්ගය මේ වන මිට රුපියල් 142/- දක්වා ඉහළ ගොස් තිබේ.

    Vdhuli

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya