අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද විදෙස් ශ්‍රමිකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා වූ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි වූ සඳහන් කරමිනි.
ඒ අනුව, ඉදිරි දින කිහිපයේ දී ශ්‍රමිකයින් සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු සකස් කර ඇති අතර මැයි 21 දින සිට ඉන්දුනීසියාවේ සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් රැගෙන ඒමටත්, මැයි 22 දින රුසියාවේ සිටින ශ්‍රී ලංකික සිසුන් රැගෙන ඒමටත්, ඉන්පසු මැයි 23 දින සිට බංග්ලාදේශයේ සිටින අධි අවදානම් ශ්‍රී ලාංකිකයින් ඉවත් කරගැනීම සදහා කටයුතු කිරීමටත්, මැයි 26 දින සිට කටාර් වල සේවය කරන ශ්‍රී ලංකික ශ්‍රමිකයින් රැගෙන ඒමටත්, මැයි 28 දින සිට බෙලරුස් වල සිටින ශ්‍රී ලංකික සිසුන් රැගෙන ඒමටත් කටයුතු කෙරෙන බව ඒ මහතා සඳහන් කළේය.
ඉන්පසුව ප්‍රමුඛතා පිළිවෙලට මැදපෙරදිග සහ මාලදිවයිනෙහි සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට කටයුතු කෙරෙන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළ අතර දැනට මාලදිවයිනෙහි සිටින 6,870 ක පමණ වූ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් මැදපෙරදිග සහ මාලදිවයිනෙහි සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම උදෙසා විශේෂ අවධානය යොමුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, කෙටි කාලයක් තුළ වීසා ලබාගෙන විවිධ රටවල රැඳී සිටින සිටින 11,000 ක පමණ වූ ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කරන බවත්, එහෙත් ශ්‍රී ලංකා රජය ඒ වෙනුවෙන් විශේෂ ගුවන් යානා යොමු නොකරන බවත්, ඔවුන් රැඳී සිටින රටවල් සිට මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා ගත හැකි නම් ඔවුන්ගේ වීසා කාලය කල් ඉකුත් වී ඇති මෙන්ම, නවාතැන් පහසුකම් පිලිබඳ ගැටළුවක් පවතින හෙයින් ඔවුන් ව ද ක්‍රමානුකුල ව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබා දීමටත් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තරුණ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය දියුණු කිරීම සදහා ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමතිවරයා වශයෙන් ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.
ඒ අනුව එම යෝජනාවට අනුව දැනට පවතින ස්වශක්ති ණය යෝජනා ක්‍රමයේ දැනට ලබා දෙන ණය මුදල රුපියල් 200,000 ක මුදල 450,000 දක්වා වැඩි කිරීමටත්, ඒ සමඟම රුපියල් 50,000 ක මුල්‍යමය ප්‍රතිපාදනයක් ලබා දීම ට ද අපේක්ෂිත වේ.
එමෙන්ම, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් දැනට පවතින ව්‍යාපාර සඳහා ලබා දෙන රුපියල් 250,000 ක ණය මුදල රුපියල් ලක්‍ෂ 05 දක්වා වැඩි කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව කියා සිටි රමේෂ් පතිරණ මහතා අපහසු කාල සිමාව තුළ තරුණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය උත්තේජනය ලබා දීම ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය මඟින් ලබා දීම මෙහි අරමුණ වී ඇති බවත් කියා සිටියේය.