මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

      විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙනවීම සඳහාත් ඔවුහේ රැකියා සුරක්ෂිත කිරීමටත් පියවර- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි

    මැයි 24, 2020

    COVID – 19 වසංගතය නිසා විදෙස් ශ්‍රමිකයින්ගේ රැකියා නොමැති වීම්, වැටුප් නොගෙවීම්, මෙන්ම මෙරට පැමිණීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව විදේශ සබදතා අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්. එම්. වී. වන්සේකර මහතා අදහස් දක්වමින් කියා සිටියි.

    අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හි දී පැවැත් වූ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත විදේශගත ශ්‍රී ලංකික ශ්‍රමිකයින් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ කියා සිටියේය.

    මැදපෙරදිග සහ අනිකුත් රටවල් සදහා තානාපති කාර්යාල,කොන්සල් ජනරාල් කාර්යයාල 16 ක් සදහා චක්‍රලේඛ නිකුත් කරමින් එකී ශ්‍රමිකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ/මුඛ ආවරණ ආදිය ලබා දීමටත්, තානාපති කාර්යයාල වල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සම්බන්ධ කරගනිමින් Whats Up Group එකක් මඟින් සම්බන්ධ කරගනිමින් දිනපතා අවශ්‍ය වන තොරතුරු යාවත්කාලින කරගෙන යමින් පවතින බවත්, කර්යයංශයේ ලියාපදිංචිව හෝ නොමැති අයවළුන් උදෙසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එකී තානාපති කාර්යයාල 16 සදහා ලක්‍ෂ 05 ක බැඟින් මුදල් ලබා දීමට කටයුතු කළ බවත් ඒ මහතා මෙහි දී සදහන් කළේය.

    එමෙන්ම, මෙරටට පැමිණ විදෙස් ගත වීමට නොහැකි පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීම සදහා කාර්යාංශය මඟින් Workers on Vacation නමින් විශේෂ වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති අතර එමඟින් එම විදෙස් ගතවීමට නොහැකි අයවලුන්ගේ තොරතුරු සදහා ලියාපදිංචි වීමෙන් පසු අදාළ තානාපති කාර්යයාල වලට ලබා දී නැවත එම රටවල් වලට යාමට හැකි වන විට එකී පුද්ගලයින් නිරත වූ එරට රැකියා නිශ්චිත කරවීමට කටයුතු කරන බවත් ඩබ්. එම්. වී. වන්සේකර මහතා  කියා සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya