මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    වෛරසය අසාදිත යැයි සැකකෙරෙන රෝග ලස්ක්ෂණ ඇත්නම් වහාම ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන්න

    මැයි 26, 2020

    COVID – 19 වෛරසය අසාදිත යැයි සැකකෙරෙන රෝග ලක්ෂණ ඇත්නම් වහාම ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.

     

    ඊයේ (25) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය

     

    COVID – 19 වෛරසය අසාදිත යැයි සැකකෙරෙන රෝග ලස්ක්ෂණ ඇත්නම් වහාම ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන ලෙසත්, රාජ්‍ය/පෞද්ගලික ආයතන ප්‍රධානින් නිරන්තරයෙන් මේ
    සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත්, ඒ වෙනුවෙන් යම්කිසි පුද්ගලයෙක් පත් කොට නිරන්තරයෙන් සෝදිසි කළ යුතු බවත් ඒ මහතා මෙහි දී සදහන් කළේය.

    මුව ආවරණ පැළඳීම සුදුසු වන අතර එම ආයතන වල සේවකයින්ගේ ශරීර උෂ්ණත්ව නිරන්තරයෙන් පරික්ෂා කළ යුතු වන අතර කැස්ස හෝ කිවිසුම් යාම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ
    ඇත්නම් වහාම සෞඛ්‍ය බළධාරීන් දැනුවත් කළ යුතු වේ.

    රාජ්‍ය/පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා වල සේවය කරන මෙන්ම වෙනත් ආයතන වල සේවය කරන සියල්ලන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සදහන් නිරෝධායන රීතීන්
    ලෙස සැළකෙන සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුව කටයුතු කළ යුතු බවද අජිත් රෝහණ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya