මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පවතින තත්ත්වය මහජනතාව මැනවින් වටහාගෙන ක්‍රියා කිරීමෙන් අද සිට මතුවිය හැකි ගැටලු අවම කර ගත හැකියි

    මැයි 26, 2020

    ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීම සමග ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේදී මහජන අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

    කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවතිය ද යම් යම් සීමාවන්‍ට යටත්ව මහජනතාවත්, විශේෂයෙන් ව්‍යාපාර කරන පුද්ගලයින් එම දිස්ත්‍රික්ක වෙත පැමිණියහ. එසේම අත්‍යවශ්‍ය සේවා වල නිරත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුද්ගලයින්ද එසේ බලපත්‍ර රැගෙන පැමිණියහ.ඇඳිරි නීතිය පවතිද්දීම රටේ අත්‍යවශ්‍ය කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශ සපයා තිබේ.

    මෙවැනි ක්‍රම ලෝකයේ මේ වනතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    නව තත්වය යටතේ බස් රථ ප්‍රවාහන සේවා සැපයීමේදී කොළඹ නගරයට ඍජුවම ,අසීමිතව ප්‍රමාණයට ජනතාව ප්‍රවාහනයට අවස්ථාවක් ලබාදී නොමැත.පැමිනෙන බස්රථ
    එක් සීමාවක නතර කෙරේ.මෙහිදී මාතර - කොළඹ ,නුවර - කොලඹ ආදී දුර ගමන් සේවාවලට යම් ගැටලුවක්ද මේ නිසා මතුවිය හැකිය. බස්රථ නතර කරන එම ස්ථානයේ
    සිට නැවත ප්‍රවාහන පහසුකම් සේවා ලබා ගැනීමට සිදුවනු ඇත . එහෙත් ආයතන වෙත ප්‍රවාහන සේවා සපයන කාර්යාල සේවා ඍජුව ක්‍රියාත්මක වෙයි.

    මේ තත්ත්වය මහජනතාව මැනවින් වටහාගෙන ක්‍රියා කිරීමෙන් 26 වනදා (අද) සිට මතුවිය හැකි ගැටලු අවම කර ගැනීමට හැකිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya