මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීම තවදුරටත්

    මැයි 27, 2020

    ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීම තවදුරටත් සමුදුර නෞකාව මගින් සිදු කරමින් සිටී.

    ඒ අනුව මේ වන විට සමුදුර නෞකාවේ අධීක්‍ෂණය යටතේ ගොඩබිමට යාත්‍රා කරන එම බහුදින යාත්‍රා ගොඩබිමට නාවික සැතපුම් 375කට පමණ දුරකට ලඟා වී ඇති අතර, එම යාත්‍රා අතරින් සදෙව්මි 04, සානු පුතා 02, මදුසංක, සයුරි 06. රන්පුතා, සප්නා 08, ආර්එම්එස් 10, ටියානා 01, සුරේෂ් 3, සිසිර 3, දැහැමි 1, තනුජා 6, සිසිර 1, බිෂාන් පුතා 1, දියති 3 සහ දෙනෙත් පුතා 2 යන බහුදින යාත්‍රාවන් 16ක් වෙත අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීමට සමුදුර නෞකාව කටයුතු කර ඇත.

    තවද සමුදුර නෞකාව විසින් තවදුරටත් මෙම සියළුම ධීවර යාත්‍රාවන් සමබන්ධයෙන් දැඩි අධීක්‍ෂණයෙන් කටයුතු කරන අතර, නිරුපද්‍රිතව අදාල ධීවර යාත්‍රාවන් ගොඩබිම වෙත රැගෙන එනතෙක් එම යාත්‍රා වෙත අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබාදීමටද කටයුතු කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya