සහල් මිල ගණන් වැඩි කිරීම පිළිබඳව අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මීට ඉහතදී වෙළඳ සංගම් සමග එකඟතාවයකට පැමිණ රු 98/ක උපරිම සහල් මිල නියම කළ බවත් එහෙත් තවදුරටත් ජනතාවට සහන සැළසීමේ අරමුණින් එම මිල පහත හෙළීමට රජය උත්සාහ දැරූ බවද අමාත්‍යවරයා කීය. නමුත් එම මිල ගණන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී වෙළඳපළේ යම් යම් ගැටලු පැන නැගුණු බව සඳහන් කළ අමාත්‍යවරයා, නැවත වෙළඳපොළ මෙවැනි හිගයක් ඇති නොවීම සඳහා මෙම මිල ගැලපුම ඇති කර බවද කීය.
පාරිභෝගිකයාට හිගයක් ඇති වුවහොත් කලුකඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අතර මෙවැනි තත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර එය සහල් ව්‍යාපාරිකයාගේ ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවන බවද පෙන්වා දුන්නේය.