මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    CEYPETCO වෙළෙඳ නාමය යටතේ ඉහළම ප්‍රමිතියෙන් යුත් කෘමි නාශක, කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්

    මැයි 28, 2020

    CEYPETCO වෙළෙඳ නාමය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපද වු ඉහළම ප්‍රමිතියෙන් යුත් කෘමි නාශක ඇතුලු කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් උපදෙස් ලබා දී තිබේ.

    අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වගා කටයුතුවල නිරත ව සිටින ගොවි ජනතාව විසින් වගා කරන භෝගවර්ග වලින් ඉහළ ආදායමක් උපයා ගත නොහැකිව තිබෙන්නේ ඔවුන් භාවිතා කරන කෘමිනාශක සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වී ඇති නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

    දැනට දශක දෙකකට පමණ පෙර ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විසින් CEYPETCO වෙළෙඳ නාමය යටතේ ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් කෘමිනාශක කෘෂිකාර්මික කටයුතු සඳහා නිපදවනු ලැබීය. ගොවි ජනතාව අතර ඉහළ ඉල්ලුමක් පැවැති එම නිෂ්පාදන ඉන් පසුව පුද්ගලික අංශය විසින් නිපදවීමට පටන් ගත් අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව කෘමිනාශක නිපදවීම අත්හිටුවන ලදී.


    නමුත් සාධාරණ මිලකට ලබා ගත හැකි ඉහළ ප්‍රමිතියෙන් යුත් කෘමි නාශක ඇතුලු කෘෂි නිෂ්පාදන නැවතත් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එය මේ රටේ ගොවි ජනතාවට මහත් සහනයක් වනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් (26) පැවැති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මේ පිලිබඳව අවධානය යොමු කර නැවතත් එම කටයුතු අරඹන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරින්ට දැනුම් දුන්නේය.

    කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තය එක්ව නිපදවන ලද විෂබීජහරණ ද්‍රව්‍ය Sanitizer රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සඳහා පසුගිය දිනවල ලබා දුන් අතර එය නව නිෂ්පාදනයක් වශයෙන් ඉතා ජනප්‍රිය විය.

    මේ අන්දමට නැවතත් රාජ්‍ය ආයතනයක් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව CEYPETCO වෙළෙඳ නාමය යටතේ යටතේ නිපද වූ කෘෂිකාර්මික ද්‍රව්‍ය නැවතත් නිපදවීම ආරම්බ කිරීම කෙරෙහි අවධානය යොමු කර අවහ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමගින් විදේශ රටවලට ඇදී යන විශාල මුදල් සම්භාරයක් අප රටේම ඉතිරි කර ගැනීමට හැකිවෙතැයි ද අමාත්‍යවරයා කීය.

    එවකට ගුවන් විදුලියේ විකාශය වු “සිපෙට්කෝ මහත්තයා” නැමැති කෘෂිකාර්මික වැඩසටහන ද ඉතාමත් සාර්ථක කෘෂිකාර්මික වැඩ සටහනක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya