මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට වියළි ආහාර ද්‍රව්‍ය සලාකයක්

    මැයි 28, 2020

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාර්තු 13 දා සිට පාසල් වසා තැබීම නිසා එම දරුවන් වෙනුවෙන් දෛනිකව වෙන් කර තිබූ ආහාර මුදල් එක් කර වියළි ආහාර ද්‍රව්‍ය සලාකයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය.

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කල අමාත්‍යවරයා ඒ අනුව ඉදිරි කාලය තුල සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා රු 965ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය සලාක සිසු දරුවන් ලක්ෂ 12කට ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

    පසුගිය කාලයේ ලබා නොදුන් මුදල් වෙනුවට බිත්තර , සමපෝෂ,සහල් නූඩ්ල්ස්, බිස්කට්,කඩල ,කව්පි ඇතුළත් මෙම වියළි ආහාර ද්‍රව්‍ය සලාකය ලබා දෙන අතර මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

    2006 වසරේ සිට මහින්ද චින්තන ඉදිරිදැක්ම යටතේ , අඩු ආදයම්ලාභී සිසු දරුවන් වෙනුවෙන් දෛනිකව ආහාර ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක වූ අතර එක් දරුවකු වෙනුවෙන් මෙතෙක් ලබා දුන් රු 30ක මුදල් රු 35 දක්වා වැඩි කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya