මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    ආනයන සීමා කිරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    මැයි 28, 2020

    මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ විදේශ විනිමය අර්බුදය නිසා ආනයන සීමා කිරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    මෙම ගැසට් පත්‍රය ප්‍රධාන කොටස් හතරකින් යුක්ත වන අතර සාමාන්‍ය පරිදි ආනයනය කළ හැකි භාණ්ඩ, විශේෂ වෙළඳ භාණ්ඩ පනත යටතේ වැඩි බදු මුදලක් ගෙවා ආනයනය කළ හැකි භාණ්ඩ ,දින 90කට පසු විදේශ විනිමය ගෙවිය හැකි භාණ්ඩ සහ තාවකාලිකව ගෙන්වීම නතර කර ඇති භාණ්ඩ වශයෙනි.

    ලංකා ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදයට අප මුහුණ දී ඇති බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළෙඳ පොළ ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වය හමුවේ මෙරටට ඇතිවන පී‍ඩනය අවම කර ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය බිඳ වැටීම වැනි හේතු නිසා රට තුළ ට විදේශ විනිමය ගලා ඒම අඩු වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, මුදලේ අගය ස්ථායී කර, විදේශ විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා ගත් මෙම තීරණය සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක්ට යම් ගැටලුවක් තිබේ නම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට විද්‍යුත් තැපෑල මගින් තම ගැටලු අභියාචනා ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya