පසුගිය කාල වකවානුවල දී දේශීය කිරි කර්මාන්තය අභාග්‍ය තත්ත්වයකට මුහුණ දී තිබුණු බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික දැක්මට අනුව මෙරට දේශීය කෘෂිකර්මාන්තය, වැවිලි සහ පශු සම්පත් සංවර්ධනය සහ දේශීය කර්මාන්ත දියුණු කිරීම යන සංකල්පයන් මූලික කර ගනිමින් දේශීය කිරි කර්මාන්තය දිරි ගැන්වීම පිණිස ආයෝජනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳව ද මෙම කැබිනට් පත්‍රිකාව මඟින් ඉදිරිපත් කර ඇති බව රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.
ඒ යටතේ මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ගොවිපළවල් සංවර්ධනයටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු සම්පත් සංවර්ධන පීඨය මඟින් එම පහසුකම් සැලසීම වෙනුවෙන් මෙන්ම ගොවි මහත්වරුන් දිරිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලවල් සකස් කිරීම වෙනුවෙනුත් මුල්‍ය ප්‍රතිපාදන සැකසේ.
එමෙන්ම, කිරි කර්මාන්තයට අවශ්‍ය කිරි ගවයින් 2500 ක් ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කිරිමටත් කටයුතු කෙරෙන බවත්, දැනට මෙරට දෛනික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 1.2 ක් පමණ වන අතර පිටි කිරි භාවිතය නවත්වන්නේ නම් දෛනික දේශීය දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 3.5 ක් පමණ වන බවත් ඒ මහතා කියාසිටියේය.
ඒ අනුව, දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් ලක්ෂයකින් පමණ වැඩි කිරීමට මෙම ආයෝජනය මඟින් රජය බලපොරොත්තු වේ. මෙරටට පිටිකිරි ආනයනය සදහා වාර්ෂිකව රුපියල් බිලියන 50 ක පමණ වැය වන අතර, ක්‍රමානුකුලව නවත්වා දේශීය කිරි කරමාන්තය ශක්තිමත් ව නඟා සිටුවීම මඟින් මෙරටින් පිටිකිරි ආනයනය වෙනුවෙන් වැය වන මුදල ඉතිරි කර ගත හැකි වනු බවත් රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.