මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම නිෂ්පාදනයක්ම රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා

    මැයි 29, 2020

    වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම නිෂ්පාදනයක්ම රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඕස්ට්‍රේලියාවේ සිට කිරි ගවයින් 2500ක් ආනයනය කිරිමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් අද(29) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    "සෞභාග්‍යා වැඩසටහන" යටතේ සුළු හා මධ්‍යම පරිමාණ දේශීය කිරි ගොවින් නගා සිටුවීම සහ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

    පසුගිය වසරේදී (2019) කිරිපිටි ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 312ක් වැය වී ඇති බවත් රටින් පිටට ගලා යන මෙම මුදල් අඩු කර ගැනීමට සහ මෙරටට ගලා එන විදේශ විනිමය වැඩි කර ගැනීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya