මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයක්  මෙරට ඉදි කිරීමට කටයුතු කරනවා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 30, 2020

    ඉදිරියේ දී ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කරන මට්ටමේ අනාගත පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මෙරට ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ඉදි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ඉදිකිරිම සදහා වන විශේෂඥ කමිටුවක් පත් කිරීම සහ ඒ සදහා වන පිරිවැය වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව සදහන් කරමිනි.

    මෙම ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලය ඉදිකිරිම වෙනුවෙන් 16 දෙනකුගෙන් යුක්ත කමිටුවක් ද මේ සදහා පත් කිරීමටත්, ඒ වෙනුවෙන් දැනටමත් සාකච්ඡා වට 16 ක් පමණ සිදු කොට ඇති අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සාකච්ඡාවට බඳුන් කර ඇති බවත් කියා සිටි බන්දුල ගුණවර්ධන මහතා ඉදිරියේ දී ද එවැනි සාකච්ඡා වාර පැවැත්වීමට නියමිත බවත් කියා සිටියේය.

    එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල ජාතික විශ්ව විද්‍යාලයක් සහ සඳතැන්න විද්‍යාලය උසස් විශ්ව විද්‍යාල විද්‍යායතනයක් බවට පත් කිරීමටත්, අඹේවෙල ජෛවපද්ධති තාක්ෂණය පිලිබඳ විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ඇති කිරීමටත් වූ අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් ඒ මහතා මෙහි දී සදහන් කරන ලදුව එමඟින් නුවරඑළීය දිස්ත්‍රික්කය තුළ මිට පෙර නොවූ විරූ දැවැන්ත පරිවර්තනයක් සිදු කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව රටේ සමස්ථයට ම කිසිඳු ජනවර්ගයකට භේදයකින් තොරව ප්‍රතිලාභ ලැබීය හැකි වන අයුරින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබන බවත් ඒ මහතා මෙහි දී සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya