මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වසංගතය බලපෑම හේතුවෙන් බදු නොගෙවීම සම්බන්ධයෙන් දඩ මුදල් නොපැණවීමට තීරණයක්

    ජූනි 04, 2020

    කොරෝනා වසංගත බලපෑම හේතුවෙන් රට වසා තබා තිබූ කාලය තුළදී ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් දඩ මුදල් නොපැණවීමට,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට  කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

     

    අද (04) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව 20‍20 ජුනි 20 දක්වා ආදයම් බදු සම්බන්ධයෙන් කිසිදු දඩ මුදල් අයකිරීමක් සිදු වන්නේ නැත.තවද පසුගිය වසරට අදාළව විවිධ සේවා වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් බිලියන 240.7ක මුදලින් රුපියල් බිලියන 196.6ක මුදලක් මේ වන විටත් ගෙවා අවසන් බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙන බවද අමාත්‍යවරයා කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya