මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

    ජූනි 11, 2020

    සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මත කරයි

    වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 09) ගාලු
    මුවදොර වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

     

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක ‘නීල හරිත ව‍්‍යාපෘතිය’ යටතේ දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ
    වැඩසටහන් රැසක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් සිටී. එහි තවත් එක් අධියරක් වශයෙන් ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් (2020 ජුනි 09) බටහිර නාවික
    විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, එහිදී වෙරළ තීරයෙහි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසල විශාල
    ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

     

    තවද ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් හරහා දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යාමට නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු
    කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya