මෙම සාකච්ඡාවේ දී දළදා මාලිගාව ඇතුලු කරගම දේවාලය, සමන් දේවාලය, මහියංගණ සහ දෙව්න්දර දේවාලවල පෙරහැර සහ පෙරහැර ගනණාවක් කුමන ආකාරයට පැවැත්විය යුතු ද යන්න සම්න්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය පැවැසීය.
මෙම සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතය හේතුවෙන් දැනට රටේ පවතින වාතාවරණයත් සමග මෙරට පෙරහැර පැවැත්වීමේ දී කිසිසේත්ම ජනතාව එක්රැස්වීමට ඉඩ නොතිබිය යුතු බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දුන් බවත් එමෙන්ම ජනතාව එක්රැස්වන මෙවැනි ස්ථානයකට කොවිඩ් ආසාදිතයෙක් පැමිණ සිටයහොත් නන් දෙසින් පැමිණෙන සියළු ජනතාවගේ සෞඛ්‍ය විශාල අවධානමකට ලක්වන බව ද, එමගින් රටේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ දී විශාල බාධාවක් වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන් බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය පැවැසීය.
මෙම සාකච්ඡාව අවසානයේ ආගමික චාරිත්‍ර, පෙරහැර පැවැත්විම සිදු විය යුතු බවට අතිගරු ජනාධිපතිතුමා තීන්දු කරනු ලැබු බව පැවැසූ සෞඛ්‍ය අමාත්‍යතුමිය දළදා මාලිගාව ඇතුලු දේවාලවල පෙරහැර පැවැත්විය යුතු බවත්, සිදු කරන්නා වූ චාරිත්‍ර වාරිත්‍ර විදි සහ ආගමික කටයුතු නොකඩවා සිදු විය යුතු බවත්, නමුත් සෞඛ්‍ය අංශ වල මාර්ගෝපදේශණයන්ට යටත්ව එම ආගමික කටයුතු කළ යුතු බවටත් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවැසීය.