පසුගියදා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා අධි සුඛෝපභෝගි බස් රථවල අය කරන ගාස්තු එතරම් ඉහළ මට්ටමක පැවැතීම සාධාරණද? යන්න පිළිබඳව සොයා බලා මගීන්ට කිසියම් සහනයක් ලබා දීමට හැකියාවක් ඇද්ද යන්න පිළිබඳ සොයා බලා ඊට අදාල නිර්දේශ තමන්ට ලබා දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.
නමුත් තමන් පිළිගන්නා කාරණය නම් දැනට පවතින ඉහළ ගාස්තු අය නොකළත් එම බස් රථවලට පාඩුවක් සිදු නොවන බව කී අමාත්‍යවරයා අධිවේගී මාර්ගයේ ගමන් කළ ද, මගීන් ගසා කෑමට රජය වශයෙන් ඉඩ දිය නොහැකි බවයි.
එමෙන්ම දැනට සාමාන්‍ය බස් රථවලට මගී ජනතාවගේ වැඩි ඉල්ලුමක් පවතින්නේ වායුසමනය කරන ලද බස් රථවලට බව පෙනී ගොස් තිබේ. එමනිසා ප්‍රධාන නගර අතර පමණක් නොව සාමාන්‍ය පරිදි මගී ප්‍රවාහනය සඳහා වායු සමනය කරන ලද බස් රථ යෙදවීමට ඇති හැකියාව පිළිබඳවත් , අය කළ යුතු ගාස්තු සම්බන්ධව , මගී ජනතාවගේ ද අදහස් විමසා වායුසමනය කරන ලද බස් රථ වැඩිපුර මගී ප්‍රවාහණයේ දී යෙදවීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දුන්නේය.
රජයේ ඉළක්කය වන්නේ ගුණාත්මක බවින් ඉහළ පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමයි. විශේෂයෙන් මාර්ගවල පවතින තදබදය අවම කිරීමට එක් විසඳුමක් වන්නේ පොදු ප්‍රවාහන සේවා නැංවීම බැවින් ඒ් සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කීය.