ථූපාරාමය මෙරට පළමු ස්ථූපය ලෙස ලිඛිත සාක්ෂි සහිතව ඉතිහාසයට එක්ව තිබේ. පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් එහි බාහිර පෙනුමට සහ බැතිමතුන්ට බාධාවක්ව පවතී. පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙසද ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් ථූපාරාම පුදබිම ආශ්‍රිත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ථූපාරාමය පුරාවිද්‍යාත්මක අගයක් සහිත සිද්ධස්ථානයක් ලෙස පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට අදාළ සැලැස්මක් කඩිනමින් සකස් කර දෙවසරක් ඇතුළත වැඩ නිමකරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය. ථූපාරාම වටදාගෙයට පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් හිමි වෙයි. සියලු ඉදිකිරීම් පොත පත නොකියවා ඇහෙන් දැක අවබෝධකරගත හැකි අයුරින් නිර්මාණය විය යුතු බව ජනාධිපතිතුමා
අවධාරණය කළේය.
පවරා ගැනීම් සිදුවන තෙක් ථූපාරාමයට අයිති කොටසෙහි සංවර්ධන වැඩ පටන් ගැනීමටත්, පිවිසුම් මාර්ග සැකසීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අනුරාධපුර පැරණි භික්ෂු විශ්ව විද්‍යාලය අයත් පරිශ්‍රය රුවන්වැලි චෛත්‍යාරාමයට පවරාදීමට විසි වසරකට පෙර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබිණ. එය මෙතෙක් සිදු වී නැතැයි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ පැවසූහ. භික්ෂු විශ්ව විද්‍යාලයේ දැනට භාවිත නොවන පරිශ්‍රය වහාම රුවන්වැලි චෛත්‍යාරාමයට පවරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද, ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති, පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමිවරු ද, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, උසස් අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ
ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහත්වරු ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.