මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    කිසිසේත්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සදහා අවසර ලබාදෙන්නේ නැහැ- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූනි 14, 2020

    රජය කිසිසේත්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා අවසර ලබා නොදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද (13) ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය කෝවිඩ් 19 වසංගතයෙන් පසු යළි ඇරඹීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

    සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට සමානව ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් ජාලයක් විසින් ඒංගලන්තයේ විශ්වවිද්‍යාලයක් සමග ඒක්ව මෙරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට කටයුතු යොදා ඇති බව පැවසූ මාධ්‍ය වේදියා, අමාත්‍යවරයාගෙන් විමසුවේ මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් හෝ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් වී ඇතිද යන්නයි.

    ඒහිදි අමාත්‍යවරයා පැවසුවේ, කිසිසේත්ම ඒවැන්නක් යොමු නොවුණු බවත් සිය රජයේ ප්‍රතිපත්තිය අනූව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා කිසිදු අනුමැතියක් ලබා නොදෙන බවයි. මෙතෙක් තමන්ට ඒවැනි දැනුම්දීමක් සිදුකොකළ බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමා අමාත්‍යවරයා වශයෙන් ඒ සම්බන්ධව කිසිදු කැබිනට් පත්‍රිකාවකට අත්සන් කර නොමැති බවත් ඒලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධව කැබිනට් පත්‍රිකාවකට අත්සන් තැබීමට ඉදිරියේදී ද බලාපොරොත්තුවක් නොමැති බවත් කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya