ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජුනි 14 වැනි දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මිනිස් රුධිර සංසරණ පද්ධතියේ, ඇඹ්O ලෙස රුධිර කාණ්ඩ ඇති බව සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගය හිමි වූ ඔස්ට්‍රිරියානු විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර් ගේ උපන් දිනය වන ජුනි 14 දින ලොව පුරා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර ලෝක රුධිර පරිත්‍යාගශිලින්ගේ දිනය සැමරිම සදහා ප්‍රකාශිත තේමා පාඨය වන්නේ “සුරක්ෂිත රුධිරය ජීවිත සුරකී” යන්නයි.
ස්වේඡාවෙන් තම රුධිර පරිත්‍යාග කරන රුධිර පරිත්‍යාගශීලීන් හට කෘතවේදීත්වය දැක්වීම, රුධිරය හා රුධිර සංඝටකවල සුරක්ෂිතභාවය, ගුණාත්මකභාවය සහ රුධිර අවශ්‍යතාවය පිළිබද ජනතාව දැනුවත් කිරීම, සුරක්ෂිත රුධිරය පරිත්‍යාග කිරිම සදහා සමාජ අවබෝධය ඇති කිරීම මෙම සැමරුමේ අරමුණ වේ.