මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ජනතා දුක් ගැනවිලි විසඳීමට ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්

    ජූනි 14, 2020

    මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කර තිබේ.


    විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ඔම්බුඩ්ස්මන් ධූරයට පත්වී සිටී. පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථයයි.

    කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.
    මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත. නැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපල් මගින් පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පිළිවන.
    011-2338073 දුරකථන/ ෆැක්ස් අංකය හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය. ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධි ක්‍රියා පිළිබද මහජන පැමිණිලි ද තමා වෙත වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya