මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

      ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 දක්වා ඉහළට

    ජූනි 14, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 ඉක්මවා තිබේ.


    “හෙළ රණවිරු බලමුළුව” අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාව රුපියල් 291,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත අද (12) ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණි.


    Amana Bank PLC ආයතනය රුපියල් 1,000,000ක්, Distilaries Company of Sri Lanka ආයතනය රුපියල් 900,000ක් සහ ජේ.බී. චිත්‍රශීලී මහත්මිය රුපියල් 5,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
    දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,378,963,920.06 කි.
    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya