මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය

    ජූනි 15, 2020

    කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ කටුනායක ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියළුදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි.

    වත්තල හා මීගමුව ප්‍රාදේශීය සභා හා නගර සභා නියෝජිතයින් සමඟ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ පැවැති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

    ඇමතිවරයා මෙහිදී සඳහන් කළේ අගෝස්තු 01 වෙනිදාට පෙර විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අවසන් කල හැකි වනු ඇති බවය. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන තුල පවතින ඉඩකඩ අනුව මෙම තත්ත්වය තීරණය වන බවයි. ''තවත් 20,000 ක් වගේ තමයි ලංකාවට එන්න ඉන්නේ. දැනටමත් 10,000ක් විතර ඇවිත් නිරෝධායනය වෙනවා. අපි මේ කටයුත්ත වේගවත් කරන්න බලාපොරොත්තු වෙනවා'' යැයි ඇමතිවරයා කීවේය.

    සංචාරකයන් සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරට කණ්ඩායම් ලෙස සංචාරකයන් ගෙන්වීමට අවධානය යොමුකර ඇති බව පැවසූ ඇමතිවරයා පැමිණෙන සියළු සංචාරකයන් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂාවකට ලක්විය යුතු බවද කීවේය.
    '' සංචාරකයන් රටට ඇතුලු වෙන්න කලින් ඒ රට වලින් පී.සී.ආර් පරීක්ෂණයක් කරලා වාර්තාවක් රැගෙන ආ යුතුයි. එහෙම වාර්තාවක් තිබුණත් අපි මෙහිදී ගුවන්තොටුපල තුල දී මෙම පරීක්ෂාව කරනවා. එහි ප්‍රතිපලය අනුවයි ඔවුන්ට රට තුළ සංචාරයට ඉඩ ලැබෙන්නේ. මේ අයව නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂාවට ලක්කෙරෙනවා. ඔවුන් පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරියත් වෙනම අධීක්ෂණයක් සිදුකරනවා. යන එන හැමතැනක්ම අපි හොයාබලනවා. ඔවුන්ට හිතුමතේ රට තුළ සංචාරය කරන්න බැහැ'' යැයි ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya