මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    අනුරධපුරය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීමේ පෙරහුරුවක්

    ජූනි 15, 2020

    අනුරධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන් සඳහා ද මහ මැතිවරණයට අදාළ පෙරහුරු ඡන්ද ප්‍රකාශ කිරීමක් අනුරධපුර හොරොව්පතාන ප්‍රදේශයේ දී පැවත්වී ය.

    අනුරධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී , දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පැවැසුවේ, හොරොව්පතාන මරදන්කඩවල ප්‍රදේශයේ ඡන්ද දායකයින් 200 ක් යොදාගෙන මෙම පෙරහුරුව පැවැත් වූ බවයි. මරදන්කඩවල පේෂකර්ම ගොඩනැගිල්ලේ දී එය පැවැත්විණි.

    සවස 2.30 සිට සවස 4.00 දක්වා පැවැත් වූ මෙම පෙරහුරුවේ දී ඡන්ද දායකයින් 200 ක් අතරින් 137 දෙනෙකු ඡන්දය භාවිත කර තිබේ. නිරෝධායන නීති රීතීන් ට අනුකූලව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඡන්දය භාවිත කිරීම සිදු කරන ආකාරය පිළිබඳවත් එහිදී ඡන්දය භාවිත කිරීමට කොපමණ කාලයක් ගතවනවාද යන්නත් ආදී කරුණු පිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම මෙම පෙරහුරුවේ අරමුණ බව අනුරධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුෆ්යාන් මහතා සඳහන් කළේ ය. හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හා පොලීසියේ සහය ද මේ සඳහා ලැබිණි. එමෙන්ම ත්‍රිකුණාමලය හා අනුරධපුර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස්ථානාධපතිවරුන් ද මේ අවස්ථාවට පැමිණි  සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya