මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ පොදු සමාව යටතේ, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා තත්ත්වය විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩල පහසුකම් සපයයි

    ජූනි 15, 2020

    ඉතාලි රජය විසින් ලබා දී ඇති 2020 ජුනි 01 වැනි දින සිට ජූලි 15 වැනි දින දක්වා බලපැවැත්වෙන “සැනටෝරියා 2020” විශේෂ පොදු සමාව යටතේ තම වීසා විධිමත් කර ගැනීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් 10,000 කට අධික පිරිසකට ඔවුනගේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කොන්සියුලර් සහාය ලබා දීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සාල් ජනරාල් කාර්යාලය විසින් කටයුතු යොදා ඇත.

     

    කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය පිළිබඳ වර්තමාන අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ සහ වසර ගණනාවක් පුරා අඛණ්ඩව පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා මත, ‘ඉතාලිය නැවත දියත් කිරීම’ සංවර්ධන සැලැස්මේ ප්‍රධාන ප්‍රතිපත්තිමය අංගයක් ලෙස ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති සැනටෝරියා වැඩසටහන හරහා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එම රැඳී සිටීම විධිමත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එමගින් අවිධිමත් සංක්‍රමණික සේවකයින්ට ඉතාලියේ වීසා තත්ත්වය විධිමත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සහ සේවා කටයුතු සඳහා නෛතික රැඳී සිටීමේ අවසර පත්‍ර ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

    මෙම විශේෂ පොදු සමාව ලබා ගැනීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් හා සේවය සැලසීමේ දී, රෝමයේ සහ මිලාන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් විශේෂ කොන්සියුලර් සේවයක් ආරම්භ කොට ඇති අතර, එම අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු වැඩකරන දින 10 ක් ඇතුළත දී කඩිනමින් ඔවුන්ගේ මුල් ගමන් බලපත්‍ර ලබා ගත හැකිය. හමුවීම් සඳහා වේලාව වෙන්කර ගැනීමේ මාර්ගගත ක්‍රමයක් හරහා, දූත මණ්ඩල විසින් කොන්සියුලර් සේවා සඳහා පැමිණෙන අයදුම්කරුවන් ගෙන්වා ගනු ලබන අතර, කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ, දූත මණ්ඩලවලට පැමිණෙන මහජනතාව සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූල වන බවට සහතික වීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග අනුගමනය කරයි.

    සැනටෝරියා වැඩසටහන යටතේ වීසා තත්ත්වය විධිමත් කිරීම පිණිස විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන සිසිලි දූපතේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා, විශේෂ මාර්ගගත ජංගම සේවාවක් රෝමයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබේ. මෙම විශේෂ මාර්ගගත ජංගම සේවයේ ක්‍රියාවලියට විද්‍යුත් තැපැල් පද්ධතියක් ඔස්සේ ලේඛන සෝදිසි කිරීම සහ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයක් හරහා පවත්වනු ලබන අයදුම්කරුවන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් වේ. මෙම විශේෂ මාර්ගගත ජංගම සේවාව 2020 ජුනි 14 වන දින පෙ.ව. 9.00 සිට සිසිලි දූපතේ කැටනියා හිදී පැවැත්වේ.

    මෙම පොදු සමා කාලය තුළ දී අදාළ අයදුම්කරුවන්ගේ නව ගමන් බලපත්‍ර ඔවුන් වෙත නිකුත් කළ යුතු බැවින් මෙම විශේෂ කොන්සියුලර් සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් යොමු කිරීම 2020 ජුනි 30 දිනට පෙර සිදු කරන ලෙස තානාපති කාර්යාලය සියලුම අයදුම්කරුවන්ට දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya