ඇතිවිය හැකි අවදානම අවම කිරීම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය ස්ථාන අටෙහිම (08) වර්ෂාමාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබාදීම බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකය විසින් මේ දින වල සිදු කරමින් පවතී.
දුම්රිය ස්ථාන ඇතුළු අවට ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ප්‍රමාණය මැන බැලීම තුළින් අවට ප්‍රදේශ වල ඇතිවිය හැකි නාය යෑම් අවදානම් තත්වය පිළිබඳව පුර්ව නිගමනයකට එළඹීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ. ඒසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහයෝගය ලබාගනිමින් දුම්රිය මාර්ගය ආශ්‍රිතව නාය යාම් අවදානම් තක්සේරු කිරීම සිදු කරන ලද අතර අවදානම් කලාප සිතියම් ගතකර අදාල වාර්තා මේ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
මෙම වැඩ සටහන යටතේ බදුල්ල, හැලිඇළ, දෙමෝදර, ඇල්ල, හිල්ඔය, කිණිගම, බණ්ඩාරවෙල, දියතලාව දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලයට වර්ෂාමාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් පිළිබද දැනුවත් කිරීම සහ ක්ෂේත්‍ර පුහුණුව ලබා දී ඇත. ඒ තුළින් ඉදිරි වර්ෂා කාල තුළ දී දුම්රිය මාර්ගයට ඇතිවිය හැකි නායයාම් තර්ජන පිලිබද පුර්ව අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ.