මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු මර්දනයට නව නිපැයුමක්

    ජූනි 16, 2020

    ඩෙංගු මදුරු ගහනය පාලනය කිරීම සඳහා නව නිපැයුමක් නිර්මාණය කිරීමට වයස අවුරුදු 11ක එන්.ඩී ජනන සතිශංඛ ශිෂ්‍යයා සමත් වෙයි.

    ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජනන සතිශංඛ ශිෂ්‍යයා (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම නව නිපැයුම හඳුන්වාදෙනු ලැබීය.


    ඉවත දමන රයිස්කුකරයක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම නව නිපැයුම ඩෙංගු මදුරුවන් ආකර්ශනය කරගැනීම සඳහා අභ්‍යන්තරය කළු වර්ණයෙන් වර්ණවත් කර ඇත. මෙම උපකරණයට ජලය එක්කර විදුලියට සම්බන්ධ කර තැබීමෙන් සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයක් යටතේ ඒ මත වැඩෙන මදුරු කීටයන්, බිත්තර සහ මදුරු කෝෂ විනාශ කිරීමේ හැකියාව ඇත. දින තුනකට වරක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ලෙස මෙම නිපැයුම නිර්මාණය කර ඇති බැවින් දීර්ඝ කාලීනව විදුලිය වැය වීමක් සිදුනොවන අතර විදුලිය විසන්ධි වීමක දී පවා ගැටලුවක් ඇති නොවේ.


    ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ උත්සාහය අගය කරමින් මෙම නව නිර්මාණය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අදාළ අංශවල අවධානයට යොමු කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya