මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    උමා ඔයේ වැඩ නිමැවුමට ඉරානයෙන් 85 ක්

    ජූනි 16, 2020

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මික ශිල්පීහු 85 දෙනෙක් මෙරටට පැමිණෙති.

    කාර්මික ශිල්පීහු පිරිස (15) පස්වරු 6.00ට පමණ දිවයිනට ළගා වූහ. උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% ක් පමණ අවසන්කර ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරිමට අපේක්ෂිතය.
    ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගා වොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.  පැමිණි පිරිස PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු යුද හමුදාව විසින් ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණ.
    නිරෝධායන කාල සීමාවෙන් පසු දෙවැනි PCR පරීක්ෂණයට යොමු කෙරෙන අතර පසුව ව්‍යාපෘතියේ වැඩවලට යෙදවීමට පියවර ගැනේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya