ජූනි16 දිනට යෙදෙන, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත්කර ඇති “විගමණික පවුල හා සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රේෂණ දිනය” (International Day of Family Remittances Day) වෙනුවෙන් මෙම වැඩසටහන දියත් කෙරේ.
පළමුව නියමු ව්‍යාප්තියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, විදේශ රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන විගමණික ශ්‍රමිකයින්, කාර්යාංශයේ ලියාපදිංචි කිරිමේදි ඔවුන්ගේ නමින් විශේෂ ප්‍රේශණ තැන්පතු ගිණුමක් විවෘත කර ඒ සදහා ඩොලර් 5 මූලික මුදලක් කාර්යාංශය විසින් තැන්පත් කෙරේ.ලංකාවේ වාණිජ බැංකු කිහියක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්ත්වන මෙම වැඩසටහනට අනුව, එම බැංකු මගින්ද අදාළ ශ්‍රමිකයාගේ ගිණුමට තවත් ඩොලර් 5 තැන්පත් කිරිමට එම බැංකු වෙත ද යෝජනා කෙරේ.
විදේශ රැකියාවෙන් උපයාගනු ලබන විදේශ විනිමයට රාජ්‍ය සුරක්ෂිත භාවය ලබාදෙමින් තම මාසික වේතන තමන්ගේ නමින් මෙම ගිනූමට බැර කිරිම මගින් මාසිකව ඩොලර් 20 සිට 100 දක්වා ඉතිරි කිරීමට ශ්‍රමිකයන් දිරිගැන්වීම උනන්දු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
එසේම මෙලෙස නීතිය්‍යානුකූල මාර්ගයෙන් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවිම මගින් රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමද බලාපොරොත්තුවේ. එමගින් රටේ සමස්ත ජනතාවටම ප්‍රතිලාභ හිමිවන බව කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.මෙම වැඩපිළිවෙල සදහා ඉදිරියේදි ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතනවල සහය ලබාගැනිමටද බලාපොරොත්තුවේ.
මෙම වැඩසටහන දීර්ඝකාලීනව ක්‍රියාත්මක වීම මගින් විගමණික ශ්‍රමිකයාගේ ඉතිරිකිරීම් වැඩිකෙරෙන අතර, රට තුළ විදේශ සංචිත ප්‍රමාණයද ස්ථාවර මට්ටමකට ගෙන ඒම බලාපොරොත්තු වන අතර එමගින් විගමණික ශ්‍රමිකයන්ට විශේෂ වරප්‍රසාද රාශියක් වාණිජ බැංකු හරහා ලබාදීමට බලාපොරොත්තුවේ.
පළමුව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන විගමණික ශ්‍රමිකයින් 50,000 පමණ සම්බන්ධ කරගැනීමට කාර්යාංශය අපේක්ෂා කරයි.