ඒ මහතා මේ බව කියා සිටියේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වූ පාහියන්ගල ලෙන ආශ්‍රිතව සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම් සහ නව සොයාගැනීම් පිළිබඳව වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඒ අනුව මෙරට PCR පරීක්ෂණ 80,000 ක් පමණ සිදු කොට ඇති අතර ඉන් 10,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ජ’පුර විශ්ව විද්‍යාලය මඟින් විශ්ව විද්‍යාලය සතුව පවතින ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් පර්යේෂණ සිදු කොට නිරවද්‍ය වූ තොරතුරු ලබා දීමට කටයුතු කොට ඇතැයි ද ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සතුව ඇති නේවාසිකාර දෙකක් ද ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා ලබා දී තිබේ.
එමෙන්ම, නවතම PCR පරීක්ෂණ යන්ත්‍රය ද මෙම විශ්ව විද්‍යාලය සතු ව පවතින අතර එමඟින් මෙරට PCR පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවය ඉහළ නැංවිය හැකි බව ද ප්‍රකාශ කළ හෙතෙම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක දී ජාතික විශ්ව විද්‍යාලයක් ලෙස අවශ්‍ය මෙහෙවර සිදු කරන බව ද ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ සහ එම විශ්ව විද්‍යාලයේම ව්‍යවහාරික විද්‍යා පිඨයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ සත්ත්ව විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.