1931 අගෝස්තු 31 වන දින මාරවිල දී උපත ලද එතුමා මුලික අධ්‍යාපනය ලබන්නේ,මාරවිල රෝමානු කතෝලික විද්‍යාලයෙනි. ඉන්පසුව බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් ,බොරැල්ල ශාන්ත බෙනඩික් පුල්ලේ හා අම්පිටිය ජාතික දෙව්සත් යන දෙව්සත්හලෙන් ද අධ්‍යාපනය හදාරන එතුමා පුජක දිවියට ඇතුළත් වන්නේ,1957 පෙබරවාරි මස 02 දාය.
රෝම විශ්ව විද්‍යාලයකින් ජනසන්නිවේදන උපාධියක් හදාරා ඇති එතුමා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සහ කතෝලික මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ආසියානු කාලපිය උප සභාපතිවරයා වශයෙන් ද එතුමා කටයුතු කර තිබේ.
එසේම මෙරට රූපවාහිනි නාලිකාවල විකාශයන්ට සුදුසු ටෙලි නාට්‍ය තේරිම් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. එතුමාගේ අවසන් කටයුතු හෙට(18) දින සවස 3.00ට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව සිදු කිරිමට නියමිතය.