මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    වැකුණුගොඩ ස්ථාපනය කළ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල විවෘත වෙයි

    ජූනි 17, 2020

    ගාල්ල පොලිස් මූලස්ථානයට අනුබද්ධිතව වැකුණුගොඩ ස්ථාපනය කළ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල ඊයේ පෙරවරුවේ(16) විවෘත කෙරිනි.

    මිලියන 5.5 ක මුදලින් ඉදි කළ මෙම නව කාර්යාලය කාන්තා, ළමා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් සිදු කළ ව්‍යපෘතියකි. 2018 වසරේ මෙහි ඉදිකිරීම් අවසන් කළ අතර ගොඩනැගිල්ල ගාල්ල පොලිස් ස්ථානය වෙත බාර දීම සිදු කෙරිනි.

    මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදිනපතිරන මහතා , දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතා එක්ව සිටියහ.

    දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස්ථානයට අනුබද්ධිතව මෙවැනි කාර්යංශයක් ඉදිකර ඇති අතර, අම්බලන්ගොඩ පොලීසියට අනුබද්ධිතව ද ඉදිරියෙ දී මෙවැනිම පොලිස් ළමා හා කාන්තා කාර්යංශයක් ඉදි කිරීමට යෝජිතය.

    මාධ්‍ය ඒකකය- ගාල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya