මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    Travel card පත කඩිනම් කරන්නැයි උපදෙස්

    ජූනි 17, 2020

    මගී ප්‍රවාහනයේදී හඳුන්වාදීමට යෝජිත travel card පත කඩිනම් කරන්නැයි ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි

    ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ලංගම සහ පුද්ගලික බස්රථ මෙන්ම දුම්රිය සඳහා ද හඳුන්වාදීමට යෝජිත ගමන් කාඩ්පත සම්බන්ධයෙන් සාකච්ඡාවක් (16) දින ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.


    එම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිසම, ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ සහභාගී වී සිටියහ. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මුදල් පරිහරණය අවම කිරීම සෞඛ්‍ය අංශ විසින් දී ඇති මාර්ගෝපදේශන වලදී අනිවාර්යය කර තිබේ. එම නිසාත් විශේෂයෙන්ම ප්‍රවාහන සේවා සඳහා පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට දීර්ඝ කාලයක් තිස්සේ උත්සහා දරා ඇති නමුත් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වී නැත.

    එම කරුණු සැලකිල්ලට ගනිමින් පෙර ගෙවුම් කාඩ්පතක් ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට වර්තමානයේ සුදුසුම අවස්ථාව උදා වී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා අගෝස්තු මාසයට පෙර මෙම පෙර ගෙවුම් ගමන් කාඩ්පත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දෙනු ලැබීය. මේ සඳහා ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ උපරිම සහයෝගය පලවී ඇති අතර මෙම කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


    මුදල් මුද්‍රණ ක්‍රියාවලියේ සිට භාවිතය දක්වා සමස්ත කාර්යාවලිය උදෙසා වාර්ෂිකව ජාතික ආදායමින් සියයට 1.5 ක් වැයවන බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රජය විසින් වාර්ෂිකව ජාතික ආදායමින් සියයට 2.1 ක් වැය කරන අතර මුදල් මුද්‍රණ ක්‍රියාවලිය සඳහා වැය කරන මුදල ඊට ආසන්න බවත් මෙම සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් පෙන්වා දුන්නේය. එම නිසා මෙවැනි පෙර ගෙවුම් කාඩ්පත් මගින් මුදල් භාවිතය අවම කරලීම සඳහාත්, මුදල් භාවිතය සඳහා වැයවන පිරිවැය අවම කරගැනීම මගින් ජාතික ආදායමින් ඒ සඳහා වැයවන මුදල පාලනය කර ගත හැකි බවද ඔවුන් පෙන්වා දෙනු ලැබීය. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya