මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    මෙරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රජයේ සූදානමක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක්

    ජූනි 18, 2020

    මෙරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රජයේ සූදානමක් ඇතැයි ගෙන යන ප්‍රකාශයද සම්පූර්ණයෙන් අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර ඒ සඳහා කිසිම ඉල්ලුම්පත්‍රයක් හෝ මෙතෙක් ලැබී නැති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    නමුත් විදේශ විශ්වවිද්‍යාලයන්ගේ සිසුන් මෙරට සෞඛ්‍ය ආයතන සහ අධ්‍යාපන ආයතනයන්ට පුහුණු වීම් සඳහා එවීම සාමාන්‍ය ක්‍රියාවක් මිස රජය හෝ තම අමාත්‍යංශය වෛද්‍ය විශ්ව විද්‍යාලයක් සඳහා ඉල්ලුම් පත්‍රයක් හෝ සළකා බලා නැති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

     

    මැතිවරණය ඉලක්ක කරගනිමින් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ ප්‍රකාශ සිදු කරන බවත් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් අධාර ලබා දෙන ජපානයේ ජයිකා ආයතනය සම්බන්ධයෙන් ද එවැනි ප්‍රකාශ සිදු කරන බවත්  ජපානයේ ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා රජය ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවද ජපන් රජය දීර්ග කාලිනව ලබා දෙන අධාර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා  පැහැදිළි කරමින් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya